සිතුවිල්ලට
සිතුවිල්ලක්....
ඊයේ බස් එකේ යද්දී
බොරැල්ල හන්දියෙන් වැස්සේ තෙමිගෙනම කපල් එකක් බස් එකට නැග්ගා.
ඒ දෙන්න දැකල මෙහෙම
සිතුවිල්ලක් මට පහල උනා. සමහරවිට අනාගතයේ මෙහෙම වෙන්නත් බැරි නෑ.. එහෙම නොවේවා
කියලා ප්‍රර්ථනා කරනවා...
රෑ ගොම්මන සමීපයේ
අනෝරා වැසි වැටෙන විට
සිහිවෙයි යලි ඒ මතකය
ඔබත් මාත් ගතකල
ඒ සොඳුරු අතීතය
වරුසාවට දොස් නගමින්
දහසක් අය
තෙමි තෙමි මග යන අතර
ඒ වැස්සට මා සිත් බැන්දේ
ඇයිදැයි ඔබ දන්නවාද ??
මහ වැස්සයි
සැඩ සුළගයි
ඔයාගේ ඒ මල් කුඩයයි
අපි දෙන්නා පෙමින් වෙලී
ගතකල ඒ හැන්දෑවයි...
සීතලේ ගුලිවෙලා
නොතෙමී බේරෙන්න
වෙර දැරුවත් අපමණ
බැහැ ගැලවෙන්නට...
ඒ හිරිකඩ පහරින්...
දෙනෝදාහක් මැද
අප දෙදෙන පමණක්
අපේම ලෝකෙක
අතරමං කල
ඒ වැස්ස....
අදත් වහින විට
ඒ අනෝරා වැසි
කඳුළු බිදුවක්
රූරා යයි..
වැහි බිඳු එක්ව මුසුවී..
මේ හිරිකඩ සැරට
තවත් කුඩයක් යට
නැවුම් උනුසුමක
ඔබ ගුලිවෙලාද ?
මා අමතක කර....